පාසල් ගීතය
අඹරේ බැබලෙන රන්තරු වාගේ
පැතිරේ සැමදා කිතු ගොස ඔබගේ
ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල නාමේ
සැමදා බැබළේ හිරු සඳු වාගේ
සාමය සමගිය නිරතුරු වපුරා
මෙත් කරුණා මුදිතාවන් පතුරා
දෑ අභිමානේ විකුම් පතුරුවා
එකමුතු වී පෙරටම යමු සැමදා
අඹරේ බැබලෙන රන්තරු වාගේ
පැතිරේ සැමදා කිතු ගොස ඔබගේ
ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල නාමේ
සැම්දා බැබළේ හිරු සඳු වාගේ
කුලමල ආගම් භේද නොසලකා
දුප්පත් පොහොසත්කම් හැම දුරලා
බාධක බිද දා ගුණ දම් වඩවා
එකමුතු වී පෙරටම යමු සැමදා
අඹරේ බැබලෙන රන්තරු වාගේ
පැතිරේ සැමදා කිතු ගොස ඔබගේ
ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල නාමේ
සැමදා බැබළේ හිරු සඳු වාගේ
පද රචනය - විශාරද උපුල් පෙරේරා මහතා
තනු නිර්මාණය - විශාරද වික්ටර් රත්නායක මහතා