1951 හිරිලියද්ද පාරේ ලුවිස් තලවත්ත මහතාට අයත් ෙපෟද්ගලික ඉඩමක තාවකාලික මඩුවක් තනා ෙපෟද්ගලික පාසලක් ලෙස ආරම්භ කර ඇත.පොල් අතු සෙවිලි කල දිග අඩි 60ක පමණ වූ මඩුවක පවත්වාගෙන ගිය මෙම පාසල “අකුරු ශාලාව” නමින් හඳුන්වා ඇත.
- මෙම පාසල ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ ලුවිස් තලවත්ත මහතාය.මෙහි ගුරුවරු ලෙස කටයුතු කර ඇත්තේ ලුවිස් තලවත්ත මහතාගේ දියණියන් දෙපලයි.
- හේන්පිට ගෙදර ඥානසීහ නාහිමිපාණන් වහන්සේද මෙහි ඉගැන්වීම් කටයුතුවල නිරත වූ අතර එවකට පාසලේ ඉගෙන ගත් ළමුන් සංඛ්‍යාව 18 දෙනෙකි.
- අකුරු ශාලාව නමින් හැඳින්වූ මෙම පාසල පසු කාලීනව ජුබිලි විද්‍යාලය නමින් හඳුන්වා ඇති අතර දැනට පාසල පවතින ඉඩම යූ.ඒ.ජයසිංහ මහතා විසින් 1958 වර්ෂයේදී පරිත්‍යාග කල එකකි.
- 109.09 දින රජයේ අනුමත විද්‍යාලයක් බවට පත්වූ මෙම පාසලෙහි නාම පුවරුව “අකුරු ශාලාව” , “ජුබිලි විද්‍යාලය”, “ලෙල්ලෝපිටිය විද්‍යාලය”, “ර/ශ්‍රී රාහුල විද්‍යාලය” වශයෙන් කිහිප වරක්ම වෙනස්වීම් වලට ලක්වී ඇත.
- 1970 වර්ෂයේදී ප්‍රේමරත්න මීරිගම මහතා විදුහල්පති වශයෙන් මෙම විද්‍යාලයට පැමිණි අතර මෙතුමගේ සේවා කාලය ඉතා සංවර්ධනාත්මක මාවතකට පාසල ගෙන ගිය වකවානුවක් විය.5 ශ්‍රේණියේ ළමුන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නංවාලීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.එවකට පැවති රජයෙන් නව ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලබාගෙන ඇත.1-9 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වර්ධනයක්ද ඇතිවිය.
- ආර්.එම්.ටී.බී.රත්නායක මහතාගේ සේවා කාලය තුළ මෙම විද්‍යාලයට වීශාල අඩුපාඩුවක්ව පැවති පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකරවාගෙන ඇත.මේ සඳහා එවකට පැවති රජය ප්‍රතිපාදන වෙන් කරදී ඇති අතර සිසුන් සංඛ්‍යාව 410 දක්වා වර්ධනය වී ඇත.
- ඩබ්.එම්.බී.කරුණාතිස්ස මහතාගේ සේවා කාලය ඇරඹුණේ ඉන් අනතුරුවය.පාසල් කාර්යාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල මෙම කාලය තුළ ඉදි විය.
- ඉන් අනතුරුව ඩී.ජේ.ඒ.එම්.වීරසේකර මහත්මිය පාසලේ විදුහල්පති ධූරය භාරගත් අතර මෙතුමියගේ සේවා කාලය තුළ මෙම විද්‍යාලයට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එයින් මහල් දෙකක් ඉදිකිරීමට එම කාලය තුළ හැකිවිය.
- විදුහලේ නියමුවා වශයෙන් මීලඟට පැමිණියේ එම්.කේ.කරුණාරත්න මහතාය.එතුමාගේ කාලවකවානුවද සුවිශේෂී කාල වකවානුවක් බවට පත්විය.ක්‍රීඩා පිටිය සකස් කරවා ගැනීම හා අනෙකුත් ගොඩනැගිලිවල සංවර්ධනාත්මක කටයුතු රාශියක් සිදුකල අතර දෙමාපියන්ගේ හා සුභපතන්නන්ගේ ආධාර උපකාර මත පාසලට විශාල පාඩුවක්ව පැවති විහාර මන්දිරයක් තනවා දීමට හැකි විය.පරිගණක ඒකකයක් බහු මාධ්‍ය ඒකකයක් ඇතුළු අංගෝපාංග රාශියක අඩුපාඩු මගහරවා ගැනීමට එම කාලය තුළ හැකි විය.
- ද්විතියික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට 2011 වර්ෂයේදී මෙම පාසලද එක් විය.ඒ අනුව ප්‍රාථමික අංශය 2012 වර්ෂයේ සිට ක්‍රමයෙන් ඉවත්වූ අතර අ.පො.ස. උසස් පෙළ කලා අංශය 2013 වර්ෂයේ ආරම්භ විය.මෙතෙක් දෙවන ශ්‍රේණියේ පාසලක්ව පැවති මෙම පාසල ඉන්පසු 1C වර්ගයට අයත් විය.පී.එම්.රණසිංහ මහත්මිය 2013 වර්ෂයේදී පාසලේ විදුහල්පති ධූරයට පත්විය.2014 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශය ආරම්භ වූ අතර 2016 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විද්‍යා/ගණිත අංශ ආරම්භ විය. අ.පො.ස. උසස් පෙළ විද්‍යා/ගණිත අංශ ආරම්භ වීමත් සමග මෙම පාසල 1AB ශ්‍රේණියේ පාසලක් බවට පත්විය.
2016 වර්ෂය වන විට ප්‍රාථමික අංශය මෙම පාසලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය.පෝෂක පාසල් වලින් 6 වන ශ්‍රේණියට මෙමපාසලට දරුවන් එවීමට නියමිත වුවත් එම කාර්යයන් බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවීය.ඒ අනුව පාසල් ප්‍රජාවගේ
- ඉල්ලීම මත පලාත් අධ්‍යාපන කාර්යාලය හා පලාත් අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙම පාසල් භූමිය තුළ වෙනත් ප්‍රාථමික විද්‍යාලයක් ර/ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය නමින් ස්ථානගත කරන ලදී.
- 2015 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට ළමුන් ඉදිරිපත් වූ අතර කලා අංශයෙන් සිසුන් දෙදෙනෙකුද වාණිජ අංශයෙන් එක් සිසුවෙකුද විශ්ව විද්‍යාලයට තේරී ඇත.
- ද්විතියික පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය මෙම පාසලේ ඉදිකර ඇති අතර තාක්ෂණික විද්‍යාගාරය, භාෂාගාරය, ගණිතාගාරය, ජීව විද්‍යාගාරය ඒ තුළ ස්ථානගත කර ඇත.තවද අ.පො.ස. සා.පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය, විද්‍යාව විෂයන් ඉගැන්වීම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
- 2017 වර්ෂය වන විට විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ සම්පූර්ණ කර ගැනීමටත් පාසල් භූමිය වටා තාප්පය ඉදිකර ගැනීමටත් නව සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකර ගැනීමටත් හැකි විය.
- 2017 වර්ෂයේදී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියක් ලෙස මෙම පාසල සංවර්ධනය කිරීමට නියමිත වූ අතර විදුහල්පති නිල නිවසක් හා ගුරු නිවසක් සදහා මුල්ගල තබා ඇත.
- එහෙත් ප්‍රාථමික විද්‍යාලයේ සමාන්තර පන්ති දෙක බැගින් අනුමත කිරීම නිසා ඇති වූ ගොඩනැගිලි හිඟයට පිළියමක් වශයෙන් ගුරු නිවාසය වෙනුවට එම ස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අදාල බලධාරීන් තීරණය කරන ලදී.එම ගොඩනැගිල්ලේ පහත මාලය ප්‍රාථමික අංශයට ලබා දීමටත් ඉහල මාල දෙක මෙම විද්‍යාලයට ලබාදීමටත් තීරණය විය.ඒ අනුව එම ගොඩනැගිල්ලේ මහල් දෙකක් මේ වන විට ඉදිවෙමින් පවතී.
- 2018 වර්ෂයේ ප්‍රථමවරට ළමුන් සාමාන්‍ය පෙළ විභාගයට කොරියන් භාෂාව සඳහා ඉදිරිපත් වී 100% ක් ප්‍රතිඵල ලබාගෙන ඇත.
- 2018 සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 82% දක්වා වර්ධනය කර ගැනීමට හැකි වීම පාසල ලැබූ ඉහල ජයග්‍රහණයකි.
|
ආරම්භ කළ වර්ෂය |
1951 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
18 |
|
මුල් ගුරුතුමාගේ නම |
ලුවිස් තවලවත්ත මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ලුවිස් තවලවත්ත මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
05 |
|
පාසලේ නම |
ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ලුවිස් තවලවත්ත මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
හිරිලියැද්ද පාරේ පෞද්ගලික ඉඩමක |
|
පසලේ පලමු නම |
අතුරු ශාලාව |
|
පැවැත්වූ පන්ති ගණන |
05 |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1951 |
{QF3=5}