
1951 වර්ශයේ හිරිලියැද්ද පාරේ පෞද්ගලික ඉඩමක තාවකාලිකව මඩුවක් තනවා ලුවිස් තලවත්ත මහතාගේ මූලිකත්වයෙන් අරම්භ කරන ලද මෙම පාසල අකුරු ශාලාව නමින් හදුන්වන ලදී. අකුරු ශාලාව ඉදිකිරිමට ගම්වැසියන්ගේ නොමද සහය ලැබිනි. ලුවිස් තලවත්ත මහතාගේ දියනියන් දෙදෙනාද මුල් ගුරුවරියන් විය. හේන්පිට ගෙදර ඥානසීහ හිමියන්ද ඉගැන්වීම් කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කලහ.